තොරණ විස්තරය ශ්‍රවණය කරන්න
රේවතී ප්‍රේතවස්තුව
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ..!!
Online වෙසක් කලාපය
ඉංජිනේරු පීඨ බෞද්ධ සහෝදර සංගමය මගින් ඉදිරිපත් කරන
DGITAL වෙසක් තොරණ
රේවථී ප්‍රේතවස්තුව
අප තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ බරණැස වැඩසිටි සමයේ නන්දික නම් පිනැති උපාසක තෙමේ බොහෝ පින්කම් කරමින් දැහැමින් වාසය කළා.
එතුමා භාග්‍යවතුන් වහන්සේ ගැන අප්‍රමාන ශ්‍රද්ධාවෙන් හිටි කෙනෙක්.
භාග්‍යවතුන් වහන්සේට නිරන්තරයෙන් දන්පැන් පුජා කළ හෙතෙමේ, අමාමැනියන් වහන්සේ උදෙසා අලංකාර කුටියක්, දන්සලක් සාදා පුජා කළා.
දන්සල සාදා පුජා කල ඒ මොහොතේම බොහෝ යස ඉසුරු වලින් ආඩ්‍යව තෞතිසා දිව්‍ය ලෝකයේ සුන්දර දිව්‍ය විමානයක් පහලවුනා. දිනක් අප මොග්ගලලානයන් වහන්සේ දිව්‍ය ලෝකයේ චාරිකාවේ වඩින සමයෙහි මෙම අලංකාර විමානය දුටුවා. ලක්ෂ ගණනක් වූ දිව්‍ය අප්සරාවන් සැරිසරන ඒ මනස්කාන්ත දිව්‍ය විමානය කාගේදැයි උන්වහන්සේ විමසා සිටි මොහොතේ, තාමත් මනුස්ස ලෝකයේ සිටින නන්දික නම් පිනැති උපාසක තෙමේ උදෙසා ඒ දිව්‍ය විමානය පහල වූ බව දැනගන්නට ලැබුනා.
මෙපමනින් නොනැවතී, නන්දික තෙමේ ආර්ය වූ මහා සංඝරත්නය උදෙසා නිරතරයෙන් දානය සඳහා සෝදාගත් දෑත් ඇතිව විසුවා. ප්‍රනීතව උන්වහන්සේලා උදෙසා සකසා දන්දුන්නා.
එතුමාගේ දන් වැට යාචකයන්, අසරණයන් උදෙසාත් වුනා. දානයෙන් නොනැවතුණු හෙතෙමේ දුෂ්කර මං මාවත්වල ඒදඬු පාලම් කරවා, ගස්වැල් රෝපණය කරවා, පිංතාලි සාදා, පැන් පොකුණු කරවා, සතුටු සිතින්, අත්හල සිතින්ම වාසය කළා.
කාලයාගේ අවෑමෙන්, දෙමාපියන්ගේ දැඩි බල කිරීම නිසා නන්දික උපාසක තෙමේට සිය ඥාති සොහොයුරියක් වූ රේවතී නම් පවිටු ගති ඇති කාන්තාවක් සමග විවාහා වීමට සිදු වූවා. නන්දික මානවකයා මුලදී රේවතීයට අකමැති වූ නිසා සිය පවුලේ දේපල පවුල තුලම රඳවා ගැනීමේ අදහස තිබුණු ඔහුගේ දෙමාපියන් රේඑවතිට මෙවැනි උපායක් කියා දුන්නා. නන්දික කැමති බොහෝ සේ දන්පැන් දෙන නිතර කුසල් කරන අයට නිසා එලෙස පෙනී සිටින ලෙස.නන්දිකගේ දෙමාපියන්ගෙන් රේවතිට උපදෙස් ලැබුනා.
නන්දික උපාසක තෙමේ දිනක් වෙළදාම සඳහා පිටත් වීමට දන්වැට කරගෙනයාම රෙවතීට බාර කළා. තම ස්වාමියා නිවසින් බැහැර වන තුරු සිටි ඈ යාචකයන්ට තිබු දන්වැට වසා දැමුවා. සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වූ ඈ දානයේ ආනිසංස නොදුටුවාය. මේ නම් මහා නාස්තියක් මැයි තෙපලාය. මහා සංඝ රුවනට පරිබ්‍රව කලාය. මේ ශ්‍රමනයන් නිසා මට සැප විඳින්න තියන ධනය නාස්ති වෙනවා කියා නිතර අක්‍රෝෂ කළාය .
වෙළදාම් නිමකර පැමිණි නන්දික උපාසක තෙමේ සිදුවූ සියල්ල ගැන අප්‍රමාන සංවේගයට පත්ව නැවතත් මහා සඟරුවන උදෙසා දන්වැට මනාව පිහිටවුවා. මැරෙන මොහොත තෙක් දානයේම එල්බ සිටියා. මරණින් මතු හිරු රැස් වන් ප්‍රභාස්වර, සිත් කළු තව්තිසා දෙව්ලොව පෙරකී මනරම් දිව්‍ය විමානයේ උපත ලැබුවා.
නන්දික උපාසක තෙමේගේ කලුරිය කිරීම අවෑමෙන් සියලු ධනය රේවතී හට උරුම වුවත් එම ධනය යොදවා නන්දික උපාසක තෙමේ නොකඩවා කරගෙන ආ දාන මාන සියල්ල ඇ විසින් සිදු කලේ නැහැ. භික්ෂුන් වහන්සේලාට පරිබ්‍රව කරමින් කාලය ගෙව්වා.ඇගේ ප්‍රභල අකුසල කර්ම දුටු වෛශවන දිව්‍යරාජය යක්ශයන් දෙදෙනෙක් කැඳවා රේවතී මෙයින් හත් වෙනි දවසේ පන පිටින්ම නිරයට ඇදගෙන යාමට නියමිත බව බරණැස පුරාම හඬ නගා කියන ලෙස අන කලා. ඉදින් මේ යකුන් දෙදෙනා මනු ලොව පැමින බරණැස වීදි පුරා මෙම පනිවිඩය කියා යන විට මහජනයා භීතියට පත් වුනා.රේවතිය කෙතරම් බිය වුනාද කියනවනම් කාමරයේ අගුලු දමා සතියක් කමරයේම සිටියා.නමුත් සත්වෙනි දවසේ කමරයේ බිත්තියෙන් මතු වූ රවුද්‍ර යකුන් දෙදෙනා ඇය විලාප දෙද්දී නිරයට ඇදගෙන ගියා. රේවතී කල අකුසල කර්මයන් ඈ පන පිටින්ම සංසවක නම් අපායට ඇදගෙන යන්නට තරම් බලවත් වුනා.
රේවතී අපායට ඇදගෙන යන ගමනෙදි ඇ හට සංවේගය උපදවීම පිණිස යම පල්ලන් විසින් නන්දික දිව්‍ය පුත්‍රයාගේ විමානය දැකීමට සැලැස්සුවා. සුවඳ සඳූන් තැවැරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා ඒ විමානයේ ඇතුළතත් පිටතත් තිබුනේ මනස්කාන්ත දර්ශනයක්. හිරු මඬලේ එළියට සමාන එළියක් ඒ විමානෙන් විහිදුනා.අප්‍රමාන දෙව්සැප විදින තමාගේ පෙර ජිවිතයේ ස්වාමියාගේ ආනුභාවයත් ඊට හාත්පසින් වෙනස් වූ තමාට අත් වූ ඉරණමත් ඈගේ හිත පසාරු කරගෙන යන්න තරම් වුනා. තමා නැවත මනු ලොව කිසියම් දිනක උපත ලදහොත් නන්දික සිටුතුමා සේ පින්කම් කරන බවට පොරොන්දු වුනත් ඇය කල කර්මයෙන් නම් ඈට ගැලවීමට හැකි වුනේ නෑ.
පෙර ජීවිතයේ තම ස්වාමියා නන්දික දිව්‍ය පුත්‍රයා වුවත් ඒ කිසිම දෙයකට නිරයට යන ඇගේ ගමන නම් වලකාලනු බැරි වුනා.
සියක් පුරුෂයන් ගැඹුරු ඇති සංසවක නිරයේ දහසක් අවුරුදු පැසෙන්න යමපල්ලන් රේවතී ගේ දෙපයින් අල්ලා යටිකුරු කළා. ඝෝර වූ සංසවක නිරයට හෙළුවා.
ඉධ තප්පති, පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති
භියෙයා තප්පති දුග්ගතිං ගතො
පව් කරන්නා මෙලොව දී ත් තැවේ, පරලොව දී ත් තැවේ, දෙලොව දී ම තැවේ.
ඉධ නන්දති, පෙච්ච නන්දති
කතපුඣ්ඣා උභයත්ථ නන්දති
පුඣ්ඣං මෙ කතන්ති නන්දති
භියෙයා නන්දති සුග්ගතිං ගතො
පින් කළ පුද්ගලයා මෙලොව දී ත් ප්‍රීතිමත් වෙයි, පරලොව දී ත් ප්‍රීතිමත් වෙයි, දෙලොව දී ම ප්‍රීතිමත් වෙයි.